යෝධසිංහ අවසන් පූර්ව වටයට
චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතවලියේ පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ අද (21) සමත්ව තිබේ.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22) සමත් විය.
ඒ, මලයාසියානු කාන්තා කණ්ඩායම ලකුණු 144කින් පරාජය කරමින්.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස්කළා.
එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස්කිරීමට සමත් වුණා.
ඇය එම ශතකය රැස් කර තිබුණේ, හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින්.
එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකයද වනවා.
ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මලයාසියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 40ක් පමණයි.
පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි කඩුලු 03ක් දවාගත්තා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතවලියේ පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ අද (21) සමත්ව තිබේ.
මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.