ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
"කණ්ඩායම මීට වඩා නිහතමානී වුණා නම්... ආකල්ප වෙනස් වුණා නම් තරග පැරදුනා කියලා ලංකාවේ මිනිස්සු මෙච්චර කල් බැනලා නැහැ. මිනිස්සු හරි ආදරය කළා. ඒ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් අලුත් පුහුණුකරුවෙක් තාවකාලිකව ඇවිල්ල තියෙනවා. මට ආරංචි විදියට ඔහු පළමුවෙන්ම කරලා තියෙන්නේ ඔක්කොගේම කොණ්ඩ කපලා.... කරාබු ගලවපු එක. ඒ සියලු දේවල් කරලා තියෙනවා. මං හිතන්නේ සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරද්දි ඔවුන් හොඳ විනයක් ඇතුව ක්‍රීඩා කළා. ඔවුන් ආරම්භය හොඳින් මතක තබාගෙන හිටියා. දැන් ඉන්න නූතන ක්‍රීඩකයන්ට පුංචි අඩුවක් තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.