තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙම දිනවල ළමයින් අතර උණ සමග කැස්ස හෙම්බිරිසා තත්ත්වයන් මෙන්ම, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වැඩි වීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
මෙය අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන් සහ ප්රතිශක්තීකරණය අඩු අයට තරමක් භයානක විය හැකි බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.
ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වළක්වා ගැනීමට රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණයක් පැළඳීම ද රෝග ලක්ෂණ පහළවී ඇති දරුවන් පෙර පාසලට, පාසලට, දිවා සුරැකුම් මධ්‍යස්ථානයට නොයැවීම ද සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසී ය.
ඉහත සදහන් කළ පුද්ගල කණ්ඩායම්වලට රෝගී තත්ත්ව ආසාදනය වුවහොත් භයානක විය හැකි බවද, නියුමෝනියා තත්ත්වයන් ඇතිවිය හැකි අතර දැඩි සත්කාර ඒකක උවමනා විය හැකි බවද සඳහන් කළේය. රෝගය පිළිබඳ ඉක්මණින් දැනගතහොත් පැරසිටමෝල් මාත්‍රාව ලබාදීම සිදුකළ යුතු යැයිද ලා උණු වතුරෙන් ඇග සෝදා උණ අඩුකර ගැනීමට බලන ලෙසද පැවසූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මෙම දරුවන්ට විවේකය ලබාදීම වැදගත් මෙන්ම ස්වභාවික දියර ආහාර ලබාදෙන ලෙසද පැවසුවේය.
මෙම රෝගය වැළඳුනු දරුවන්ට පසුකාලීනව ටික කලක් කැස්ස පැවතිය හැකි අතර ළමා හතිය වැඩිවිය හැකි බැවින් ළමා හතිය සෑදෙන හේතු කාරක අවම කරගන්නා ලෙසද වෛද්‍යවරයා පැවසුවේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.