පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
මෙම දිනවල ළමයින් අතර උණ සමග කැස්ස හෙම්බිරිසා තත්ත්වයන් මෙන්ම, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වැඩි වීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
මෙය අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු අයට තරමක් භයානක විය හැකි බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.
ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වළක්වා ගැනීමට රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණයක් පැළඳීම ද රෝග ලක්ෂණ පහළවී ඇති දරුවන් පෙර පාසලට, පාසලට, දිවා සුරැකුම් මධ්‍යස්ථානයට නොයැවීම ද සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසී ය.
ඉහත සදහන් කළ පුද්ගල කණ්ඩායම්වලට රෝගී තත්ත්ව ආසාදනය වුවහොත් භයානක විය හැකි බවද, නියුමෝනියා තත්ත්වයන් ඇතිවිය හැකි අතර දැඩි සත්කාර ඒකක උවමනා විය හැකි බවද සඳහන් කළේය. රෝගය පිළිබඳ ඉක්මණින් දැනගතහොත් පැරසිටමෝල් මාත්‍රාව ලබාදීම සිදුකළ යුතු යැයිද ලා උණු වතුරෙන් ඇග සෝදා උණ අඩුකර ගැනීමට බලන ලෙසද පැවසූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මෙම දරුවන්ට විවේකය ලබාදීම වැදගත් මෙන්ම ස්වභාවික දියර ආහාර ලබාදෙන ලෙසද පැවසුවේය.
මෙම රෝගය වැළඳුනු දරුවන්ට පසුකාලීනව ටික කලක් කැස්ස පැවතිය හැකි අතර ළමා හතිය වැඩිවිය හැකි බැවින් ළමා හතිය සෑදෙන හේතු කාරක අවම කරගන්නා ලෙසද වෛද්‍යවරයා පැවසුවේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.