විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් අද(10) ගොනු කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.
නීතිඥ සංජීව ඇන්තනී මගින් පවරා ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩා මුස්රීට් ආඥාවක් වග උත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන ලෙසය.
වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම්කාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ට අදාළ ගොනුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසත්, නීති විරෝධී වත්කම් විමර්ශනයට අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශන සිදුකරන ලෙසට වගඋත්තරකරුවන් කරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සම් මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
(ලංකාදීප - රෝෂන් තුෂාර)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.