අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට, අද (27) පැවති කැබිනට් රැස්වීමේදී අදාළ යෝජනාව සම්මත කර ඇත.

දැනට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65කි.

රජය යෝජනා කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් එම වයස් සීමා පිළිවෙළින් අවුරුදු 65 සහ 67 දක්වා වසර දෙක බැගින් දීර්ඝ කිරීමටය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.