තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගමනාගමන පහසුව සලසාදීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම වැඩවර්ජන තත්ත්වය හේතුවෙන් හෙට (10) දිනයේ කාර්යාලයීය දුම්රිය ධාවනයට බාධාවක් ඇති වුවහොත් ඊට මූහුණදීම සඳහා ලංගම බස් රථ වැඩි ගණනක් යෙදවීමටත්, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙන මගීන් සඳහා ලංගම බස් රථවල ප්‍රවාහනය නොමිලේ සිදු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශය ලේකම් රංජිත් රූබසිංහ ප්‍රකාශ කළේ ය.
වසර පහෙන් පහට වැඩි කරන උසස්වීම් ස්ථානාධිපතිවරුන්ට පමණක් ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
වර්ජනය නිසා මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.