ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.
ඒ අනුව, වනිඳුට තරග මුදලින් සියයට 25ක දඩයක් සහ බිනුරට තරග මුදලින් සියයට 20ක දඩයක් නියම කෙරුණි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායම්වල ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ මෙවර දැඩි අවධානයක් යොමු කිරීමට LPL තරග සංවිධායකයින් කටයුතු කරයි.
ඒ අනුව ක්‍රීඩකයින්ගේ ඇඳුම් පැළඳුම් හා ක්‍රීඩා උපකරණ පිළිබඳවද දැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගෙන ඇති අතර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අයත් නොවන හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක වනිඳු හසරංගට තරග මුදලින් සියයට 25ක දඩයක් පැනවීමට පියවර ගැනුණි.
ඒ ඇඳුම් පැළදුම් හා ක්‍රීඩා උපකරණ රෙගුලාසි උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේය.
අමෙරිකානු ඩොලර් 3600ක් වූ එම දඩ මුදලේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම ලක්ෂ 11කට ආසන්නයි.
එමෙන්ම කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුටද එම නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් සියයට 20ක දඩයක් නියම කළේය.
ඒ ජුලි 2 වැනිදා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ඔහු විනිසුරු උපෙදස්වලට අවනත නොවීම හේතුවෙනි.
එමෙන්ම තරග පැවැත්වෙන දිනවලදී තරග අවසන් වනතුරු ක්‍රීඩාංගණය තුළදී ක්‍රීඩකයින්ට සෙරෙප්පු පැළඳීමද LPL තරග සංවිධායකයින් තහනම් කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.