මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් සිදුවූ මරණ ගණන 150 ඉක්මවා ගොස් ඇති බවත් අධික වැසි හමුවේ සිදුවූ නායයාම්වලින් සහ ජලගැලීම්වලින් අතුරුදන්වූවන් ගණන 60කට අධික බව විදෙස් මාධ්‍ය පවසයි.
නායයාම්වලින් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව කෙරෙන බව බලධාරීහු පවසති.
කත්මණ්ඩු අගනගරය ආසන්නයෙන් ගලාබසින බාග්මතී ගංගාව ඇතුළු ගංගා රැසක් අධික වර්ෂාපතනය හමුවේ පිටාර ගොස් තිබේ.
හිමාලයානු කලාපයට පතිත වූ අඟල් 12.7ක් ඉක්මවූ වැසි හේතුවෙන් එම ගංගාවේ ජල මට්ටම අඩි 7කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ වනවිට ජල මට්ටම ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින නමුත් හිමාල කඳුවැටිය ආශ්රිත ප්‍රදේශවලට මේ දිනවල අධික වැසි තත්ත්වයක් බලපා ඇති බැවින් කලාපීය ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බවත් ඒ අනුව උතුරු ඉන්දියාවටත් ජලගැලීම් ආපදා බලපා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.