'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ශ්රී ලංකා - නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව, නවසීලන්තයට එරෙහිව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයක් ශ්රී ලංකාව හිමිකරගන්නේ වසර 15කට පසුය.
සිව්වැනි දිනය සඳහා අද (29) තරගය ආරම්භ කරනවිට ලකුණු 514ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියේය.
නවසීලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එක් වෙනවිට ලකුණු 60ක් ලබාගෙන සිටි ටොම් බ්ලන්ඩෙල්ව දවා ගන්නට නිෂාන් පිරීස් සමත්වුණි.
කෙසේ වෙතත් ශ්රී ලංකා පන්දු යවන්නට හිසරදයක් වු ග්ලෙන් පිලිප්ස් ලකුණු 78ක් ලබා ගත්තේය.
නමුත් සිය මංගල ටෙස්ට් තරගයට ක්රීඩා කරන නිෂාන් පිරීස් විසින් පිලිප්ස්ගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.
ඔහු වාර්තා අතරට එක් වුණේ මංගල ටෙස්ට් තරගයේ කඩුලු 5ක් දවා ගත් 7වැනි ක්රිඩකයා ලෙසටය.
ශ්රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි ලකුණු 602ක් රැස්කර ගත් අතර නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 88ක් පමණි.
ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 514ක ඉලක්කයක් හඹායෑඹට පිටියට පිවිසි නවසීලන්ත දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම් ලකුණු නොලබා ක්රීඩාගාරයට හරවා යවන්නට නිෂාන් පීරිස් සමත්වුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.