දෙහිවල වෙඩිතැබීමක්
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් හා එහි රියදුරු මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (01) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් මත්පෙති නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙරටට රැඟෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව කොළඹ - මීගමුව ප්‍රධාන මාරගයේ කොප්පරා හන්දියේදී වෑන් රථයක් පරික්ෂා කර තිබුණි.
එහි තිබී රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති ලක්ෂ 05ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු,ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය සහ එම වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්පෙති තොගය නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ප්‍රවාහනය කර ඇති බවටයි කොළඹ අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවීම් නියෝග මත වැඩිදුර විමර් ශන ආරම්භ කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.