දිට්වා කුලී නිවාස දීමනාව දීර්ඝ කෙරේ
දිට්වා ආපදා තත්ත්වයෙන් නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මඟින් ලබාදෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා නීතිමය සංශෝධන අවශ්‍ය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර තිබේ.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධාරණය කෙරිණි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (09) මෙම පැවති සංසද රැස්වීමේදී,පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳවත්, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදී පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ නාමයෝජනා ලැයිස්තුවල මෙන්ම තේරී පත්වන මන්ත්‍රීවරුන් අතර ද අවම වශයෙන් 33%ක කාන්තා නියෝජනයක් තහවුරු වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව සංසදයේ අවධානය යොමු විය. මෙම යෝජනා ඉදිරියට ගෙනයාම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි.
එමෙන්ම, කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා නාමයෝජනා ලැයිස්තු මට්ටමින් හෝ අනිවාර්ය ආසන වෙන් කිරීම මඟින් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමවේදයක් යටතේ සුදුසු නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ විකල්ප පිළිබඳව ද සංසදයේ සාමාජිකාවන්ගේ අවධානය යොමු විය.
මීට අමතරව, දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේදී පවතින සමාජීය ආකල්ප, මැතිවරණ වියදම් සහ දේශපාලන පක්ෂවල සහයෝගය වැනි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළ අතර, කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණි කුමාරි විජේරත්න, නීතිඥ සාගරිකා අතාවුද, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ හසාරා ලියනගේ, දීප්ති වාසලගේ, අම්බිකා සාමිවේල්, නීතිඥ ගීතා හේරත් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර සහභාගි වූහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිට්වා ආපදා තත්ත්වයෙන් නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මඟින් ලබාදෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද 13) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.