වියළි කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක 84,000කට අධික පිරිසක් පීඩාවට
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 84,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 9 සහ 10 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ද හින්දු පුවත් වෙබ් අඩවියට අනුව එහිදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඉන්දීය සාගර කලාපයේ සාගර ආරක්ෂාව සම්බන්ධ කරුණුද මෙම සංචාරයේදී විශේෂ අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව, මෙම සංචාරයේදී සිං ශ්‍රී ලංකා ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත හමුවීමට නියමිතය.
2025 අප්‍රේල් 5 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ කොළඹ සංචාරයේදී අත්සන් තැබූ ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම (MoU) පූර්ණ හා කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බව ද හින්දු වාර්තා කරයි.
වසර පහක කාලයක් සඳහා බලපැවැත්වෙන මෙම ගිවිසුම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අත්සන් කළ පළමු පුළුල් අවබෝධතා ගිවිසුම වන අතර, ඉන්දීය සාගර කලාපයේ දෙරටටම බලපාන පොදු ආරක්ෂක ගැටලු විසඳීම සඳහා දෙරටේ හමුදා අතර සහයෝගීතාව සඳහා ව්‍යුහගත රාමුවක් සපයයි.
ඒ යටතේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස වැඩිදියුණු කිරීම, ධාරිතා සංවර්ධනය, මානුෂීය සහන සහ ආපදා සහන කටයුතු සඳහා සහයෝගීතාව, දෙරටේ නාවික යාත්‍රා මගින් සිදුකරන වරාය සංචාර වැඩි කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරේ. එමෙන්ම ආරක්ෂක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඇති අවස්ථා සොයා බැලීමටද මෙම ගිවිසුම මගින් අවස්ථාව සැලසේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 84,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.