අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන රාජ්‍ය අනු­ග්‍ර­හය යටතේ අද (21) ආරම්භ කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කොට ඇතැයි බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශය පවසයි.

මෙම සාම පා ගමන පංඥා­කාර ස්වාමීන් වහ­න්සේගේ නාය­ක­ත්ව­යෙන් යුත්, භික්ෂු පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් සිදු කෙරෙන අතර අනු­රා­ධ­පුර ජය ශ්‍රී මහ බෝධි­වෘ­ක්ෂයේ රෝපිත අංකු­ර­යක් රැගෙන සිදු කිරී­මට නිය­මි­තයි.

අද (21) ප.ව. 3.00ට අනු­රා­ධ­පු­රය ජය ශ්‍රී මහ බෝධි­න්ව­හ­න්සේගේ රෝපිත අංකු­රය සාම පා ගමන සිදු කරන භික්ෂූන් වහ­න්සේලා වෙත භාර­දීම සිදු කෙරෙන අතර ප.ව. 4.00ට රුව­න්වැලි සෑය අසල ආග­මික වැඩ­ස­ට­හන පැවැත්වේ.

අප්‍රේල් 22දා පෙ.ව. 6.30ට මාතලේ අලු­වි­හා­ර­යෙන් ගමන් ආරම්භ කෙරෙන අතර අප්‍රේල් 23දා පෙ.ව. 7.00ට අලු­වි­හා­ර­යෙන් ආරම්භ කෙරෙන සාම පා ගමන ශ්‍රී දළදා මාලි­ගාව දක්වා ගමන් ගැනී­මට නිය­මි­තයි. ප.ව. 4.00ට මල්වතු හා අස්ගිරි මහ නාහි­මි­ව­රුන්ට ගරු කිරීම සහ දළදා වන්දනා වැඩ­ස­ට­හන සංවි­ධාන කොට ඇත.

අප්‍රේල් 24දා පෙ.ව. 6.45ට ශ්‍රී දළදා මාලි­ගාව සිට මාව­නැල්ල බෙලි­ග­ම්මන විද්‍යා­ව­ර්ධන පිරි­වෙන් පොත්ගුල් විහා­රය දක්වා පා ගමන සිදු කෙරේ.

අප්‍රේල් 25 දා පෙ.ව. 6.30ට මාව­නැල්ල බෙලි­ග­ම්මන සිට තොලං­ග­මුව ජාතික පාසල දක්වා ගමන් ගැනී­මට නිය­මිත තෙර අප්‍රේල් 26දා පෙ.ව. 6.00ට තොලං­ග­මුව ජාතික පාසල සිට යක්කල අබේ­සේ­ක­රා­රා­මය දක්වා ගමන් කිරී­මට නිය­මි­තයි.

අප්‍රෙල් 27 දා පෙ.ව. 6.00ට යක්කළ අබේ­සේ­ක­රා­රා­මය සිට කැල­ණිය රාජ මහා විහා­රය දක්වා ගමන් ගැනී­මට නිය­මි­තව තිබේ.

අප්‍රෙල් 28 දා පෙ.ව. 11.00ට පාසල් හා විශ්ව­වි­ද්‍යාල සිසුන් සමග විශේෂ සංවා­ද­යක්ද ප.ව. 4.00ට නිද­හස් චතු­ර­ස්‍රයේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සහ­භා­ගි­ත්ව­යෙන් රාජ්‍ය උත්ස­ව­යක්ද පැවැ­ත්වෙන අතර නැවත ප.ව. 5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00ට ගංගා­රාම විහා­ර­ස්ථා­න­යට පැමි­ණී­මට නිය­මි­තයි.

ප.ව. 7.30 – “We are the Design” වැඩ­ස­ට­හන ආරම්භ කෙරේ

මැයි 01දා උදෑ­සන සාම පා ගම­නට පැමිණි භික්ෂුන් වහ­න්සේලා නැවත අමෙ­රි­කා­වට පිටත් වීමට නිය­මි­තව තිබේ.

678354466-122131957779117633-7523553567157876139-n.jpg
678489426-122131957755117633-420084471217428672-n.jpg

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.