අපොස උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින ඕනෑම සිසු­ව­කුට පව­තින අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ යම් බල­පෑ­මක් ඇති­වු­ව­හොත් වහාම ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ හදිසි ඇම­තුම් අංක 117 හෝ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථාන විශේෂ ඒකා­බද්ධ හදිසි මෙහෙ­යුම් මැදිරි වෙත හෝ 1911 අංක­ව­ලට අම­තන ලෙස ඉල්ලී­මක් කෙරේ.

පව­තින අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් උසස් පෙළ විභා­ග­යට ඇති­විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා විභා­ගය පැවැ­ත්වෙන කාල­සී­මාව තුළ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සහ විභාග දෙපා­ර්ත­මේ­න්තුව එක්ව ක්‍රියා­ත්මක කරන විශේෂ ඒකා­බද්ධ වැඩ­ස­ට­හන යටතේ මේ අංක හඳුන්වා දී ඇත.

මෙවර උසස් පෙළ විභා­ගය කාල­සී­මාව තුළ විභා­ග­යට පෙනී සිටින දූ – දරු­වන්ට මෙන්ම විභාග රාජ­කාරි සඳහා සම්බන්ධ වන නිල­ධා­රීන්ට ආපදා හේතු­වෙන් මුහු­ණ­දී­මට සිදු­විය හැකි බාධා මඟ­හ­රවා ගැනීම සඳහා හදිසි ප්‍රති­චාර දැක්වීමේ සම්බ­න්ධී­ක­රණ යන්ත්‍ර­ණය ශක්ති­මත් කිරී­ම­ටත් සියලු පාර්ශ්ව­කාර ආය­තන විසින් ඉටු කළ යුතු වග­කීම් මෙම ඒකා­බද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.

ඒ අනුව යම් දූ දරු­ව­කුට ආප­දා­වක් නිසා විභා­ග­යට පෙනී සිටී­මට බාධා­කාරි තත්ත්ව­යක් පවතී නම් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ හදිසි ඇම­තුම් අංක 117 හෝ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථාන විශේෂ ඒකා­බද්ධ හදිසි මෙහෙ­යුම් මැදිරි අංක වන 0113 668119, 0113 668026, 0113 668032, 0113 668087 සහ 076 3 117 117 යන අංක වෙත හෝ විභාග දෙපා­ර්ත­මේන්තු හදිසි ඇම­තුම් අංක 1911 යන දුර­ක­තන අංක­යට ඒ බව දැන්විය හැකි අතර හැකි ඉක්ම­නින් එම බාධා ඉව­ත්කර ගැනී­මට අවශ්‍ය සම්බ­න්ධී­ක­ර­ණය සිදු කර­ගත හැකි බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය දැනුම් දෙයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.