ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට අමෙරිකානු තානාපතිවරිය ඇතුළු රටවල් කිහිපයක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් යළි කැඳවීමට ට්‍රම්ප් පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "ඇමරිකාව පළමුව" ප්‍රතිපත්ති සඳහා පූර්ණ වශයෙන් සහාය දක්වන පිරිස් සමඟ විදේශයන්හි එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය නැවත සකස් කිරීමට ගන්න පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අවම වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ධුරකාලය ජනවාරි මාසයෙන් අවසන් වන බවට එරට රජය විසින් පසුගිය සතියේ ඔවුන් වෙත නිල දැනුම්දීමක් සිදුකර ඇත.
එම රටවල්,
අප්‍රිකානු රටවල් 13ක්: බුරුන්ඩි, කැමරූන්, කේප් වර්ඩ්, ගැබොන්, කෝට් ඩි අයිවෝර්, මැඩගස්කරය, මොරිෂස්, නයිජර්, නයිජීරියාව, රුවන්ඩාව, සෙනගල්, සෝමාලියාව සහ උගන්ඩාව.
ආසියා-පැසිෆික් කලාපීය රටවල් හයක්: ෆීජි, ලාඕසය, මාෂල් දූපත්, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය සහ වියට්නාමය
යුරෝපයේ රටවල් හතරක් :ආර්මේනියාව, මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ ස්ලෝවැකියාව
මැද පෙරදිග : ඇල්ජීරියාව සහ ඊජිප්තුව
දකුණු ආසියාව : ශ්‍රී ලංකාව සහ නේපාලය
බටහිර අර්ධගෝලය :ග්වාටමාලා සහ සුරිනාම්
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.