සුනඛයන් ලියාපදිංචිය අනිවාර්ය කරයි – නොකළොත් දඩ
ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ රටේ සුනඛ ගහනය නියාමනය කිරීමේ අරමුණින් සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට රජය පනත් කෙටුම්පතක් හඳුන්වා දී තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පවතින චෝදනා විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබූ අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.
2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කළ කුමාර ජයකොඩි, එම සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමකට අනිසි ලෙස වාසි සැලසෙන අයුරින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
එම ක්‍රියාව හරහා රජයට රුපියල් 8,859,708/-ක (අසූ අට ලක්ෂ පනස් නවදහස් හත්සිය අටක) මුදලක් පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ රටේ සුනඛ ගහනය නියාමනය කිරීමේ අරමුණින් සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට රජය පනත් කෙටුම්පතක් හඳුන්වා දී තිබේ.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙ.ව. 10.00ට සිට ප.ව. 11.30 දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.