තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
අද (10) පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"කාරණා දෙකක් වෙන්න පුළුවන්. එකක් මෙතන ගැන දැනුමක් නැතිව අනවබෝධයෙන් වෙන වැඩක් වෙන්න පුළුවන්. හැබැයි කරාමයක් කරකවලා කරකවලා කාන්තා වැසිකිළිවල විතරක් ගලවනවා කියන්නේ ඒක සංවිධානාත්මක වැඩක්. ඒ නිසා පෞද්ගලිකව මමත් මෙතන කාර්ය මණ්ඩලය වුනත් විශ්වාස කරන්නේ දේශපාලනයේ අපිට විවිධ මත තියෙන්න පුළුවන්. මේක පොදු ජනතාවගේ දෙයක්, පොදු මහජනතාවගේ බදුමුදලින් හදලා තියෙන්නේ. ඒවගේ අලාභ හානි කරන්න දෙන්න බැහැ අපි මේකට නීතිය ක්‍රියාත්මක කරනවා. මොකද දෙවැනි පාරට හයි කරාට පස්සේ ආයෙත් ගැලවෙනවා කියන්නේ.. ඊයේ රෑ හැදුවාට පස්සේ අද උදේ ආයෙත් ගලවලා.. ඒ කියන්නේ මේක සංවිධානාත්මකව ගලවනවා. අපි දන්නවා සමාජ මාධ්‍ය තුළත්, එළියේ වුණත් මේකට කොච්චර මඩ ගැහුවාද කියලා. මඩ ගැහුවාට කමක් නැහැ හැබැයි ජනතා බදු මුදලින් හදපු ඒවාට අලාභ හානි කරන්න එපා කියන එක තමයි ඉල්ලන්නේ. අපි හිතනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා මාස 3කට වැඩි කාලයක් මෙතන ගත කරන්න. ඒ වගේම තමයි මෙතන ආරක්ෂක තත්ත්වෙත් අපි දැඩිව ක්‍රියාත්මක කරනවා. CCTV ප්‍රමාණයේ අඩුවක් තියෙනවා අපි ඒ ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.