තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ලක්විජය බලාගාරයේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රේල් මස දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා ගල් අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබේ.
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ 2026/2027 වාරය සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමට අදාළ ආරාධනය ලංකා ගල්අඟුරු සමාගම සිය වෙබ් අඩවියේ මේ වනවිට ප්රසිද්ධකර ඇත.
එහි දැක්වෙන්නේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රේල් මාසය දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවය.
මෙම ලංසු කැඳවීම මැයි මස 14 වැනිදා දක්වා සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර අයදුම්කරුවන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳවද දැනුම් දී තිබේ.
ඒ අනුව 2026 වසරේදී යාත්‍රා 20ක් සහ 2027 වසරේදී යාත්‍රා 18ක් වශයෙන් යාත්‍රා 38ක් යටතේ ගල්අඟුරු සැපයීම සිදුකළ යුතු අතර දින 210ක් ඇතුළත අදාල සියලු සැපයුම් සිදුකළ යුතු බවද එම කොන්දේසිවල සඳහන් වේ.
සපයනු ලබන ගල්අඟුරුවල ප්‍රමිතිය සහ ලංසු ඉදිරිපත් කරනු ලබන සමාගම්වල වගකීම සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද ලංකා ගල්අඟුරු සමාගම අදාළ ටෙන්ඩරය මගින් දැනුම්දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.