මොනරාගල හම්බෙගමුව ප්‍රදේශයේදී සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගොමගල මාර්ගයේ අවසන් කොටසේ මවුආර ඇළ ඉවුර ආසන්නයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ගංජා කිලෝග්‍රෑම් 1,044යි ග්‍රෑම් 180ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි තිස්හත් ලක්ෂ අසූදහසක් පමණ වන බවයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.