ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.

මෙම ගිවිසුම දෙරට අතර වෛද්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පර්යේෂණ යන අංශවලින් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බෙලරුස්හි සංචාරයේ නිරත අමාත්‍ය විජිත හේරත් එරට සෞඛ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කජායෙව් හමුවී ඇති අතර එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.