කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 2ක් මරුට: 12කට තුවාල
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
10.45 UPDATE මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
10.00 AM UPDATE
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසයි.
ඔහු පැවසුවේ මේ වන විට එහි තත්ත්වය පාලනය කර ඇති බවයි.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිද හමුදාව යොදවා ඇති අතර ඊයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ද එම නිලධාරීන්ගේ සහයෝගය ලබා ගෙන තිබේ.
රැඳවියන් නම දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද පියවර ගෙන ඇත.
මතුව ඇති තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම අද දින සිදු නොකිරීමටද තීරණය කර තිබේ.
ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.