දීපාවලී වෙනුවෙන් පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩුවක්
හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර ඇත.
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසයි.
ඔහු පැවසුවේ මේ වන විට එහි තත්ත්වය පාලනය කර ඇති බවයි.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිද හමුදාව යොදවා ඇති අතර ඊයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ද එම නිලධාරීන්ගේ සහයෝගය ලබා ගෙන තිබේ.
රැඳවියන් නම දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද පියවර ගෙන ඇත.
මතුව ඇති තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම අද දින සිදු නොකිරීමටද තීරණය කර තිබේ.
ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර ඇත.
දීපවාලි උත්සවය හේතුවෙන් අද(06) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.
දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.