ලංකාව ටෙස්ට් ලැබ් එකක් විදියට පාවිච්චි වෙන රටක් ද? - අභිෂේකා වාසල බණ්ඩාර
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" "නෑ" "ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?" "ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි." "හොඳයි හොඳයි"
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධිය, ඔහු විසින් ම සැලසුම්සහගතව කර ගන්නා ලද්දක් බව මූලිකව තහවුරු වී ඇතැයි පොලිසිය ජූනි 13 වන දා අනාවරණය කළේ ය.
මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, මෙය සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමග එක්ව සැලසුම් කර තිබූ බව හෙළි වී ඇති බව ය.
අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා ජූනි 11 වන දා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වූ ගුවන් යානයක නැගී මැලේසියාවට ගොස් ඇතැයි වාර්තා වූ බව ය.
"සංජීව මහානාම කියන සහකාර පොලිස් අධිකාරීවරයා විදේශගත වෙලා තියෙනවා, පෙරේදා දිනයේදී. ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දීලා නිසි අවසරයකින් නෙවෙයි ඔහු විදේශගත වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් සිදු කරනවා. ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිද්ධ වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත්, මේ සහකාර පොලිස් අධිකාරීවරයාත් දන්නා හදුනන පුද්ගලයෝ විදිහට මේ කාර්යය සැලසුම්සහගතව දෙදෙනා විසින් සිදු කළා කියන කාරණය තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ මේ විමර්ශන කටයුතු අනුව. ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතරතුර මේ පුද්ගලයාගේ විදේශගත වීම සිදු වෙන්නේ.
'අපට දැනට තහවුරු වෙලා තියෙනවා, මේක ඒ දෙන්නාගේ සැලසුමක් අනුව වෙච්ච දෙයක් කියලා'
'දැනට තියෙන තොරතුරු අනුව කටුනායක ගුවන් තොටුපොළට ගිහිල්ලා ඔහුගේ ගිනි අවිය පුද්ගලයෙකු අතේ නැවත ඔහු සේවය කරපු ස්ථානයට එවල තියෙන බව වාර්තා වෙනවා' පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර, උද්දික ප්‍රේමරත්න ශ්‍රී ලංකාවේ සිටින බවට ද තොරතුරු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
වෙඩි තැබීමේ සිද්ධිය
පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධිය වාර්තා වුයේ, 2023 සැප්තැම්බර් මස 17 වන දා ය.
අනුරාධපුර, ගුවන් තොටුපොළ පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී එදින රාත්‍රී 10.30ට පමණ ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා තිබිණි.
මෙහිදී, රථයට සුළු හානි සිදුවූ අතර උද්දික ප්‍රේමරත්නට කිසිදු හානියක් සිදු නොවී ය.

වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව කියන සිද්ධියෙන් දින දෙකකට පසු එනම්, 2023 වසරේ සැප්තැම්බර් 19 වන දා උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී උද්වේගකර ප්‍රකාශයක් කළේ ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, තමාට වෙඩි තබන ලද්දේ රටේ පවතින ජරාජීර්ණ ක්‍රමය විසින් බව ය.
මෙරට තුළ පවතින සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමය යන ක්‍රම දෙක ම වැරදි බව ද එම නිසා රට තුළ ප්‍රශ්න එන්න එන්න ම වැඩි වෙමින් පවතින බව ද ප්‍රේමරත්න මන්ත්‍රිවරයා එහිදී පැවසීය.
තරුණ දේශපාලකයෙකු ලෙස මෙම නව ක්‍රමය රට තුළ ඇති කිරීමට තමා ඉදිරියේදී ඇපකැප වන බව ද ඊට රටේ ජනතාව ද සහය දිය යුතු බව ද උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
උද්දික කළේ බොරුවක් නම්?
යම් හෙයකින් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න බොරු රංගනයක නිරත වූ බව තහවුරු වුවහොත් ඔහුට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීති තිබේ ද?
"ඔව්. එවැන්නක් ඔප්පු වුණොත් කරුණු කිහිපයක් ඔස්සේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්," බීබීසී සිංහල සේවය කළ විමසුමකදී එලෙස පැවසුවේ, නීතීඥ අචලා සෙනෙවිරත්න ය.
ඇය ප්‍රකාශ කළේ, "ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කරමින් පොලිසිය නොමග යැවීම සහ අධිකරණයට අපහාස කිරීම ආදී කරුණු මත නීතිය ක්‍රියාත්මක කළ හැකි," බව ය.
පොලිස් අනාවරණය කිරීම දක්වා උද්දිකගේ කතාවේ සිද්ධි මාලාව
1980 සැප්තැම්බර් 16 වන දා උපත ලද උද්දික ප්‍රේමරත්න අනුරාධපුර ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි.
ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සදහන් කර නැත.
රංගන ශිල්පියෙකු ලෙස ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කළේ, සංගීත වීඩියෝ වෙනුවෙන් රංගනයෙන් දායක වෙමිනි.
පසුව, ටෙලිනාට්‍ය රංගනයට පිවිසි ඔහු, කළු අරලිය, පාර දිගේ ආදී ටෙලිනාට්‍ය භූමිකා රැසක් හරහා සිය රංගන දක්ෂතා ප්‍රකට කළේ ය.
මහරජ ගැමුණු, සමනල සංධ්වනිය ආදී චිත්‍රපට හරහා ද ඔහු සිය රංගන හැකියාවන් ප්‍රකට කිරීමට සමත් විය.
පසුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් 2020 මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ඔහු ඉදිරිපත් විය.
එහිදී, දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 133,550ක් හිමි කර ගනිමින්, දිස්ත්‍රික් මනාප ඡන්ද ලැයිස්තුවේ තුන් වන ස්ථානය හිමි කර ගත්තේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" "නෑ" "ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?" "ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි." "හොඳයි හොඳයි"
වර්ෂ 2016 දී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජපන් ජාතික විද්‍යාඥ යොෂිනොරි ඕසුමි (Yoshinori Ohsumi) වෙත පිරිනැමීමත් සමඟ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ අප මෙතෙක් නොසිතූ අන්දමේ විස්මිත සොයාගැනීමක් වෙතය.
අපි අපට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා සටන් කරන්නෙමු. නීතියේ පිළිසරණ පතන්නෙමු. අයිතිවාසිකම් හිමි වූ පසු ඒවා රැකගන්නට වෙර දරන්නෙමු. එලෙස නීතිමය ප්‍රතිපාදන සැලසුණු පසුත්, සිය මූලික අයිතීන් සපුරා ගැනීමේ ඉඩකඩ 16 වසරක් තිස්සේ එක් ප්රජාවකට ඇහිරී තිබීමම, ඔවුන් කෙරෙහි වගකිවයුත්තන්ගේ ඇති සැලකිල්ලේ තරම පෙන්වයි.