කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් අවහිර කිරීම දිගටම සිදුකරමින් සිටින බැවින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි තබා ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) පවසයි.
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව ප්රමුඛ UKMTO පවසන්නේ ඉරානයේ සිට බටහිරට නාවික සැතපුම් අටක් නුදුරින් ගමන් කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වෙඩි තබා ඇති බවත් නෞකාව දැන් නතර කර ඇති බවත්ය.
කෙසේ වෙතත් හානියක් වාර්තා වී නොමැති අතර කාර්ය මණ්ඩලය "ආරක්ෂිතව" සිටින බව පැවසේ.
පළමු වෙඩි ප්‍රහාරය ඕමානයේ සිට නාවික සැතපුම් 15 ක් ඊසාන දෙසින් පිහිටි බහාලුම් නෞකාවකට එල්ල වී තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය පවසයි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.