ජනපති හෙට නීතිඥ සංගමය හමුවෙයි
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ඕනෑම සිසුවකුට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ යම් බලපෑමක් ඇතිවුවහොත් වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි වෙත හෝ 1911 අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගයට ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සඳහා විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන විශේෂ ඒකාබද්ධ වැඩසටහන යටතේ මේ අංක හඳුන්වා දී ඇත.
මෙවර උසස් පෙළ විභාගය කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූ – දරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා හේතුවෙන් මුහුණදීමට සිදුවිය හැකි බාධා මඟහරවා ගැනීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.
ඒ අනුව යම් දූ දරුවකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරි තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668119, 0113 668026, 0113 668032, 0113 668087 සහ 076 3 117 117 යන අංක වෙත හෝ විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකතන අංකයට ඒ බව දැන්විය හැකි අතර හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
සම්මානලාභී හොලිවුඩ් නිළියක මෙන්ම ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ තානාපතිවරියක වන රොසමුන්ඩ් පයික්, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ඉහළින් අගය කරමින් එය ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස හඳුන්වා තිබේ.
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසයි.