එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ, අදාළ බහුදින ධීවර යාත්‍රාවන් තුළ තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවදුරටත් නිශ්චිතව ගණනය කරමින් පවතින බවය.
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව පවසයි.
පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසීය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6දෙනෙකු සිටි බව ද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.