රාජකාරී වෙලාවේ දී දුම්රිය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම්
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ, අදාළ බහුදින ධීවර යාත්‍රාවන් තුළ තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවදුරටත් නිශ්චිතව ගණනය කරමින් පවතින බවය.
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව පවසයි.
පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසීය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6දෙනෙකු සිටි බව ද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 84,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.