ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් ඊයේ (11) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී සිදු කර ඇත.

මෑත කාලීනව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වර්ධනය වූ රාජතාන්ත්‍රික සහ සංස්කෘතික සබඳතා පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි.

එසේම ඉන්දියාවේ වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ සිදුව ඇති සාධනීය පරිපර්තනයන් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇත.
  
එසේම තාක්ෂණික අංශයෙන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පුහුණු කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගීතාවන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.