ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

පාරම්පරික සංස්කෘතික චාරිත්‍රානුකූලව ප.ව. 6:28ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර ආරම්භ කෙරේ.

දළදා මාලිගා පරිශ්‍රයේ මහමළුවෙන් පිටත්වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගා පරිශ්‍රයට ගෙවැදීමට නියමිතයි .

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පෙරටු කරගනිමින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි පෙරහැරවල් ද මෙයට එක්වේ.

මෙම පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර ඊයේ (21) ප.ව. 6.40ට යෙදී තිබූ සුබ නැකතින් ගමන් ආරම්භ කර ශ්‍රී දළදා වීදිය හා ඊ.එල් සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට ගමන්කර නැවත දළදා මාලිගාව වෙත පැමිණ ඇත.

ඊයේ (21) දින සධාතුක කරඬු වහන්සේ වැඩමවීම සිදු කරනු ලැබුවේ ‘පුලතිසි රාජා’ විසින්.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.