ක්‍රීඩා

නවසීලන්තයට එරෙහිව වසර 15කට පසු ටෙස්ට් තරගාවලි ජයක්

ශ්‍රී ලංකා - නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව, නවසීලන්තයට එරෙහිව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයක් ශ්‍රී ලංකාව හිමිකරගන්නේ වසර 15කට පසුය.

Read More

කමිදු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

මංගල ටෙස්ට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 50 සීමාව පසු කළ පිතිකරුවා ලෙස කමිදු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය. ඒ අද පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නොදැවී ලකුණු 51ක් රැස් කරමිනි. ඔහු තරග 8කදී එම දක්ෂතාවය පෙන්නුම් කළේය.

Read More

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ

සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Read More

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද (20) නම් කෙරුණි.

Read More

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද යි.

Read More

කමිඳු ලෝක වාර්තාවක් සම කරයි

පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක ටෙස්ට් ක්‍රිකට් වර්තාව සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (18) සමත් විය.

Read More

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය අද ඇරඹේ

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.

Read More

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More