ඥානසාර හිමිට අධිචෝදනා
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.
හෙටට (1) යෙදෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදා තිබේ.
අදාළ රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර මැයි දිනයට සමගාමීව විවිධ ආයතන හා සංවිධාන කරනු ලබන සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස පැවැත්වෙන මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමී ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ඉහත පරිදි අවශ කටයුතු සිදු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පොලිස්පතිවරයා විසින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
කොළඹ නගරය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත දේශපාලන පක්ෂ හා වෘත්ති සංවිධානවලට අයත් රැලි හා පෙලපාළි පැවැත්වෙන ස්ථාන හා මාර්ග සැලැස්ම පහත පරිදි වේ.







ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ.
හෙට (30) ප්‍රදේශ රැසකට දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.