CLOSE

හෙටට (1) යෙදෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදා තිබේ.

අදාළ රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර මැයි දිනයට සමගාමීව විවිධ ආයතන හා සංවිධාන කරනු ලබන සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස පැවැත්වෙන මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමී ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ඉහත පරිදි අවශ කටයුතු සිදු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පොලිස්පතිවරයා විසින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

කොළඹ නගරය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත දේශපාලන පක්ෂ හා වෘත්ති සංවිධානවලට අයත් රැලි හා පෙලපාළි පැවැත්වෙන ස්ථාන හා මාර්ග සැලැස්ම පහත පරිදි වේ.

1777519084-media-on-202604.jpg
1777519041-2.jpg
1777519150-3.jpg
1777519165-4.jpg
1777519180-5.jpg
1777519193-6.jpg
1777519210-7.jpg

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.