උදා වූ නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ අභියෝග රැසක් මධ්‍යයේ වුව ද ගත වු වසර ජාතික අභිලාශ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසරක් බවය.
1977වසරෙන් පසු අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනිම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, සහ මෑත කාලයේ වාර්තා වූ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීම 2025 වසරේ දී ලබාගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ බව ජනාධිපතිවරයා පවසයි.
අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙල සමග නොසැලෙන අධිෂ්ඨානයෙන් හා විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට සියල්ලන්ට ආරාධනා කරමින් උදා වූ නව වසර සියලු යහ පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවා යි ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුභාසිංශන පණිවිඩය මගින් වැඩිදුරටත් සඳහන් කළේය.