ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරාගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
උදා වූ නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ අභියෝග රැසක් මධ්‍යයේ වුව ද ගත වු වසර ජාතික අභිලාශ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසරක් බවය.
1977වසරෙන් පසු අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනිම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, සහ මෑත කාලයේ වාර්තා වූ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීම 2025 වසරේ දී ලබාගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ බව ජනාධිපතිවරයා පවසයි.
අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙල සමග නොසැලෙන අධිෂ්ඨානයෙන් හා විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට සියල්ලන්ට ආරාධනා කරමින් උදා වූ නව වසර සියලු යහ පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවා යි ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුභාසිංශන පණිවිඩය මගින් වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.