තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වර්තමාන ජන සමාජයේ ප්රචණ්ඩත්වය රජ වී ඇති බවත් ඒ පිළිබඳව මහජනතාවගේ භීතියක් පවතින බවත් ආරක්ෂාව තහවුරු කිරීමට පුළුල් වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
"එනවා ගහනවා යනවා. රටේ අද මිනීමැරුම් රජවෙලා"
"මම නම් මේ කාරණය ගැන කතා කරන්න බය වෙන්නේ නැහැ. මේව කතා කරන්න ඕන."
"ප්රචණ්ඩත්වය තුරන් කරන්න අපිත් අපේ සහයෝගය දෙනවා. ප්‍රචණ්ඩත්වයට එරෙහිව මොකක්ද වැඩ පිළිවෙල? මේක බරපතල ප්‍රශ්නයක්. මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන්න ඕන. මම රජයෙන් ඉල්ලීමක් කරනවා මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න දැවැන්ත වැඩපිළිවෙලක්, විශේෂිත වැඩසටහනක් දියත් කළ යුතුයි."
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.