රාත්‍රිය පුරා එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් දකුණු ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ තම සොල්දාදුවන් සිව් දෙනෙකු ද මිය ගිය බවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පැවසුවේ ඉරානයේ සහාය ලත් සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධ ඉලක්ක 80 කට පහර දී එහි සාමාජිකයින් "දුසිම් ගණනක්" මරා දැමූ බවයි.

ලෙබනනයට එල්ල කරන ප්‍රහාර ස්ථිර ලෙස නැවැත්වීම ඇතුළුව මැද පෙරදිග ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමක් එක්සත් ජනපදය සහ ඉරානය අත්සන් කිරීමෙන් දිනකට පසුව මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර තිබේ.

ගිවිසුම ප්‍රකාශයට පත් කළ දා සිට ඊශ්‍රායලය සහ හිස්බුල්ලා යන දෙදෙනාම එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කර ඇති අතර, එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයේ අනාගතය පිළිබඳව එය ප්‍රශ්න මතු කරයි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.