කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා ජූලි 30 සහ 31 යන දෙදින එහි මහජන සේවාවන් ක්‍රියාත්මක නොකරන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය සහ සියලුම කලාප, දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල සේවක අර්ධ සාධක අරමුදල් දත්ත පද්ධතිය හා ඩිජිටල් EPF පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් ඇතුළු මහජන සේවාවන් මෙම දෙදින තුළ ක්‍රියාත්මක නොවේ.

ඒ අනුව එම දිනයන් හී සේවාවන් ලබා ගැනීම සඳහා පෙර වේලාව වෙන් කරගත් සියලු දෙනා හට මාසයක කාලයක් තුළ ඕනෑම කාර්යාල දිනයක අදාළ කම්කරු කාර්යාලය වෙත පැමිණ නියමිත සේවාව ලබා ගැනීමට හැකියාව ඇති බවද කම්කරු දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

rtut-2.JPG

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.