විජේ තමිල්නාඩු මහඇමති ධුරයේ දිවුරුම් දෙයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.
ඉන්දියාව පකිස්ථානයේ ස්ථාන 09කට අද (07) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාර නිසා පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෙම ප්‍රහාර හේතුවෙන් පකිස්ථානයේ පන්ජාබ් පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ, නිවෙස්වලින් පිටතට ගමන් නොකරන ලෙසයි.
පකිස්ථානයේ කිසිඳු හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල නොකළ බවත්, ඉතාම සුක්ෂමව හඳුනාගත් ත්‍රස්ත ඉලක්කවලට පමණක් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, ඉන්දීය බලධාරීන් පවසයි.
ඔපරේෂන් සින්දූර් ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දීය කාශ්මීරයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට ඍජු ප්‍රතිචාර දැක්වීමක් බවද , ඉන්දියාව සඳහන් කර තිබේ.
මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මෙම ප්‍රහාරයට විරෝධය පළකර ඇත.
පකිස්ථාන අගමැතිවරයා සඳහන් කරන්නේ, ඉන්දීය ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවයි, සමස්ත පකිස්ථානයම සිය හමුදාව සමග සිටින බව ද ඔහු අවධාරණය කළේ ය.
ඒ අනුව පකිස්තානය, ඉන්දියාව විසින් පාලනය වන කාශ්මීර ප්‍රදේශයට, කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.
17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.
චීනයේ හුනාන් පළාතේ ගිනිකෙළි කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් 61 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.