තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
ජල ගැලීම් හේතුවෙන් බලපෑමට ලක් වූ නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වෙත තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අධික වර්ෂාව තවදුරටත් පවතින බැවින් හැටන්–නුවරඑළිය සහ හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගවල ස්ථාන කිහිපයක රථවාහන ධාවනයටද බාධා එල්ල වී ඇත.
මේ හේතුවෙන් එම මාර්ග භාවිත කරන රියදුරන් ඉතා අවධානයෙන් සහ වේගය පාලනය කරමින් රිය ධාවනය කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.