CLOSE

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.

ජල ගැලීම් හේතුවෙන් බලපෑමට ලක් වූ නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වෙත තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාව තවදුරටත් පවතින බැවින් හැටන්–නුවරඑළිය සහ හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගවල ස්ථාන කිහිපයක රථවාහන ධාවනයටද බාධා එල්ල වී ඇත.

මේ හේතුවෙන් එම මාර්ග භාවිත කරන රියදුරන් ඉතා අවධානයෙන් සහ වේගය පාලනය කරමින් රිය ධාවනය කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.