ඇල්ලේ බස් අනතුරෙන් මියගිය ගණන 15ක් දක්වා ඉහළට
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එම තීරණය මෙසේය,
මහජන සේවා සැපයීම සහ උපාය මාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳ පොළ අවශ්‍යතා සමඟ නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්ය සාධනය ආදී හේතු නිසා අක්‍රීය තත්ත්වයට පත් ව තිබේ.
ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වා ගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33 ක් අදියර 2ක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
යුද නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ අහම්බෙන් හමුවූ හත් වැනි සමූහ සුසානය බවට සැක කෙරෙන ස්ථානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතීද යන්න සොයා බැලීම සඳහා පොලෝ මට්ටමින් යට පරීක්ෂා කර බැලීම වෙනුවෙන් සකස් කළ අයවැයට මේ වන තෙක් පළාත් බද මහාධිකරණයේ අනුමැතිය හිමිවී නැති බව හෙළි වී තිබේ.
2025 වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.