නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එම තීරණය මෙසේය,
මහජන සේවා සැපයීම සහ උපාය මාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳ පොළ අවශ්‍යතා සමඟ නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්ය සාධනය ආදී හේතු නිසා අක්‍රීය තත්ත්වයට පත් ව තිබේ.
ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වා ගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33 ක් අදියර 2ක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 84,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.