PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශ රටවලට මාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කළමනාකරුවන් ඔවුන් සේවය කරන බැංකු පරිශ්‍ර තුළදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් බැංකු නිලධාරීන් පිරිසක් එම බැංකු පරිශ්‍ර තුළදීම අත්අඩංගුවට ගැනුණු පළමු අවස්ථාව මෙය බව පොලිසිය සඳහන් කරයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම ජාවාරම මෙහෙයවූ බවට සැක කෙරෙන ප්‍රධාන පුද්ගලයා විසින් අදාළ බැංකු කළමනාකරුවන්ට සිය නීතිවිරෝධී ගනුදෙනු සඳහා සහය ලබාදීම වෙනුවෙන් නිතිපතා මුදල් ලබාදී ඇති බවයි.
ඒ අනුව, එක් කළමනාකරුවෙකුට සතියකට රුපියල් 30,000ත් 50,000ත් අතර මෙන්ම ඇතැම් අවස්ථාවල රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මීට අමතරව, එක් විශේෂ අවස්ථාවකදී බැංකු කළමනාකරුවෙකුට රුපියල් ලක්ෂ 10කට ආසන්න අල්ලස් මුදලක් ලබාදී ඇති බවද අනාවරණය වී ඇත.
මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයන් මෙන්ම නීතිවිරෝධී මුදල් සංසරණය වූ ජාලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.