ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (21) අලුයම වැල්ලවාය–මොණරාගල මාර්ගයේ කළු පාලම මතදී මෙම අනතුර සිදුව ඇති අතර, වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු රැගත් ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටර් රථයක ගැටී තිබේ.
අනතුරින් පුද්ගලයින් අටදෙනෙකු බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පස්දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. තවත් තිදෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
මියගිය පුද්ගලයින් වයස අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවූ දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ සහ ට්‍රැක්ටර් රථයේ රියැදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර, මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
කොළඹ වරාය නගරයේ පාලමක් මත රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටින චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
2027 වසරට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලසීමා ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 31/2026 දරන චක්‍රලේඛය නිකුත් කර තිබේ.