තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 වසරේ ආදායම් ඉලක්කය ළඟා කර ගැනීමට උපකාරී වන ප්‍රධාන ආදායම් ක්‍රමවේදය වන්නේ දේපළ මත පදනම් වන ධන බද්ද බව මුදල් අමාත්‍යංශය පවසයි.
ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය මේ බව සඳහන් කර ඇත.
මෙම බද්ද තුළින් අවධානය යොමු කර ඇත්තේ, සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව එහි දක්වා තිබේ.
ඉහළ වටිනාකම් සහිත දේපළ හෝ සමාජයේ ධනවත් පුද්ගලයින්ට අයත් දේපළ මත බද්ද අයවන බවට තහවුරු වන පරිදි සුදුසු බදු නිදහස් සීමාවන් පැනවීම තුළින් මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන බව ද එහි සඳහන් වේ.
2025 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2%ක සහ 2026 සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4%ක ආදායමක් මෙම බද්ද තුළින් අපේක්ෂා කිරීම යන කරුණ මෙම විශේෂිත ඉලක්කයන් සඳහා සාක්ෂි දරණ බව ද එම නිවේදනයේ දක්වා ඇත.
අදාළ නිවේදනය පහතින් දැක්වේ
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.