ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Update : 2.25 PM හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙම රිය අනතුරින් මේ වන විට දෙදෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූවන් හෝමාගම සහ කළුබෝවිල රෝහල්වල ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බවටයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ.
09.30 AM
හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද (24) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
ඉන්ධන පිරවුම්හලේ සිට එක්වරම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙන අතර අනෙක් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.