2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ඒ අනුව අදාළ විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇත.

වරදකරුවන් වූ 15 දෙනා සම්බන්ධයෙන් වන දඬුවම් අද (22) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබේ.

 

1 මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි සියලු චෝදනාවලට වරදකරු

2 මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් අබු හාදික් සියලු චෝදනාවලට වරදකරු

3 හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් හෙවත් අබු සිල්ලා සියලු චෝදනාවලට වරදකරු

4 මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමාර් සියලු චෝදනාවලට වරදකරු

5 මොහොමඩ් ඉබ්‍රාහිම් අබ්දුල් හක් හෙවත් අබු ෆලා සියලු චෝදනාවලට වරදකරු

6 මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් හෙවත් අබු තාරික් සියලු චෝදනාවලට වරදකරු

7 මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනාස්දීන් හෙවත් අබු මිසාන් සියලු චෝදනාවලට වරදකරු

8 අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස් සියලු චෝදනාවලට වරදකරු

9 මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාරික්/සාජිත් සියලු චෝදනාවලට වරදකරු

10 අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි හෙවත් සාෆි මවුලවි/අබු ෆුර්කාන් එක් චෝදනාවකින් පමණක් නිදහස්; අනෙක් චෝදනාවලට වරදකරු

11 හුසේනුල් රිස්වි මොහොමඩ් කාහිර් සමීර් සියලු චෝදනාවලට වරදකරු

12 මොහොමඩ් සහීර් මොහොමඩ් හසන් හෙවත් අබු ඩාවුඩ් නිදොස් කොට නිදහස්

13 මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් හෙවත් අබු මොහොමඩ් නිදොස් කොට නිදහස්

14 රෂීඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් නිදොස් කොට නිදහස්

15 මොහොමඩ් හනීෆා සයිනුල් ආබ්දීන් හෙවත් අබු හිනා සියලු චෝදනාවලට වරදකරු

16 මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් හෙවත් අබු නන්ජියාර් සියලු චෝදනාවලට වරදකරු

17 යාසින් බාවා අබ්දුල් රවුෆ් නඩු විභාගය අතරතුර බන්ධනාගාර භාරයේදී මියගොස් ඇත.

18 රාසික් රාසා හුසේන් සියලු චෝදනාවලට වරදකරු

19 කච්චි මොහොමඩ් ජස්මින් සියලු චෝදනාවලට වරදකරු

20 සයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම් නිදොස් කොට නිදහස්

21 මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් නිදොස් කොට නිදහස්

22 මීරා සාහිබ් මොහොමඩ් නෆ්ලි හෙවත් අබු සනා නිදොස් කොට නිදහස්

23 මොහොමඩ් අමීර් මොහොමඩ් අයාතුල්ලා නිදොස් කොට නිදහස්

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.