PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ රටේ සුනඛ ගහනය නියාමනය කිරීමේ අරමුණින් සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට රජය පනත් කෙටුම්පතක් හඳුන්වා දී තිබේ.
රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජිත පනත් කෙටුම්පතට අනුව, සුනඛයෙකු ලියාපදිංචි නොකරන හිමිකරුවෙකුට රුපියල් 2,000ක දඩයක් පැනවීමට යෝජනා කර ඇත.
පනත් කෙටුම්පත මගින් පළාත් පාලන ආයතන බලප්රදේශවල සිටින සුනඛයන් සඳහා වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබාදීම සහ අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව, සති හයකට වැඩි වයසැති සුනඛයෙකු හිමිකාරිත්වය යටතේ තබා ගන්නා පුද්ගලයෙකු එම සුනඛයාට ජලභීතිකා එන්නත ලබාදී ඇති බවත්, වාර්ෂික ලියාපදිංචිය සිදුකර ඇති බවත් තහවුරු කළ යුතු වේ.
එන්නත ලබාදීමෙන් සහ සහතිකය නිකුත් කිරීමෙන් අනතුරුව, නියමිත ගාස්තුව ගෙවා සුනඛයා අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු අතර, ඒ සඳහා ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීමටද නියමිතය.
මේ අතර, සිය බලප්රදේශ තුළ සිටින වීදි සුනඛයන් වන්ධ්යාකරණය කිරීම සඳහා අවශ්ය පියවර ගැනීම පළාත් පාලන ආයතන වෙත පැවරෙන වගකීමක් ලෙසද පනත් කෙටුම්පතේ සඳහන් වේ.
වාණිජමය අරමුණු සඳහා සුනඛයන් බෝ කිරීමද නියාමනය කිරීමට යෝජනා කර ඇති අතර, සුනඛ අභිජනන මධ්යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා බලපත්රයක් ලබාගැනීම අනිවාර්ය කිරීමටද යෝජනා කර තිබේ.
එම බලපත්රය නොමැතිව වාණිජමය අරමුණු සඳහා සුනඛ පැටවුන් අලෙවි කිරීම තහනම් කිරීමටද නව පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.