PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 68ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ වනවිට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 48,725 දෙනෙකු එනම් 52.96%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් සහිත පළාත ලෙස බස්නාහිර පළාත තවදුරටත් ඉදිරියෙන් සිටී.
දකුණු පළාතෙන් රෝගීන් 13,533 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය දෙවැනි වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන පළාත බවට පත්ව තිබේ.
දිස්ත්‍රික්ක අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,631කි. කොළඹින් 18,245ක්, මහනුවරින් 6,613ක්, මාතරින් 6,036ක්, කළුතරින් 5,951ක්, ගාල්ලෙන් 5,039ක් සහ රත්නපුරයෙන් 4,935ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරමින් අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ මතුවුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වන ලෙසද සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.